රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ පත් කරති

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ පත් කරති

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (1) හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් රජ‍යේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පත් කර තිබේ.

ඒ නුව ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම අද (05) පාර්ලිමේන්තුවේදී සිදු විය.

පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්ද, වාසුදේව නානායක්කාර, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, ශෙහාන් සේමසිංහ, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් හා උදය ප්‍රභාත් ගම්මන්පිල, පාලිත රන්ගේ බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, සෙය්යිඩ් අලී සාහීර් මවුලානා, බුද්ධික පතිරණ, එස්. ශ්‍රීතරන්, වෛද්‍ය නලින්ද ජයතිස්ස, විජේපාල හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජ‍යේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඇතුළත්ය.

එහි සභාපතිවරයා තෝරාපත්කරගැනීම එම කාරක සභාව රැස්වූ පසු සිදු කිරිමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්