සහල්වලට උපරිම මිල 98යි… ගැසට්ටුවකුත් නිකුත් කරයි…

සහල්වලට උපරිම මිල 98යි… ගැසට්ටුවකුත් නිකුත් කරයි…

සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 98ක් බවට නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (19) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සුදු සම්බා, රතු සම්බා, සුදු නාඩු, රතු නාඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් විය යුතුය.

කීරි සම්බා, සූදුරු සම්බා, මොට්ටයිකරුපන් හා ආට්ටකාරී සහල්වලට එම උපරිම සිල්ලර මිල අදාළ නොවන බවද එහි සඳහන් වේ.

ඒ අනුව කිසියම් නිෂ්පාදකයකු ආනයනකරුවකු, බෙදාහරින්නකු හෝ වෙළෙන්දකු විසින් උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිලකට එම සහල් අලෙවි නොකළ යුතු අතර, එම නියෝගය ඊයේ (19) සිට ක්‍රියාත්මක බවද අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්