වර්ෂාව සමඟ පස්කන්දක් නායයාම හේතුවෙන් අද (20) වැලිමඩ ඕපික් වත්තේ පහළ කොටස අඹේවෙල නිවාස තුනක් යටවීමෙන් ගැබිනි මවක් තුවාල ලබා රෝහල් ගත කළ බවත් එහි පවුල් 18ක පුද්ගලයින් 148 දෙනෙකු ඉවත් කළ බවත් වැලිමඩ පොලීසිය පවසයි.
ලැයිම් නිවාස පේළියකට ඉහළින් තිබූ පස් කන්දක් නායයාම නිසා මෙලෙස නිවාස යටවී තිබූ බවත් එහි සිරවී සිටි ගැබිණි මව පොලීසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව බේරාගෙන නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බවත් වාර්තා වේ.
අවතැන් වූවන් අඹේවල පාසලේ තාවකාලික කඳවුරක රඳවා ඇතැයිද පිසූ ආහාර ලබා ලබාදීමට සැලසුම් කරන බවද ඒ සඳහා වැලිමඩ පොලිසි කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.
12









