රක්ෂිත බන්ධනාගාර ගතවන අයෙකුට කොන්දයේ අමාරුවක් හෝ එ වැනි රෝගී තත්වයකින් පෙලෙන්නේනම් පමණක් ලබාදෙන පහසුකම් එවැනි රෝගී තත්වයක් නැතත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලබාදී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට කොට්ට මෙට්ට ලබාදීම සඳහා අද (20) වැලිකඩ බන්ධනාගාර රෝහලින් වෛද්‍ය නිර්දේශ ලැබී ඇතැයි වාර්තා වේ.
කිසියම් රැඳවියකු කොන්දේ ආබාධයකින් පෙලෙන්නේ නම්, රාත්‍රියට නිදාගැනීම සඳහා කොට්ටයක් හා මෙට්ටයක් ලබාදීම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන නමුත් සැකකාර මන්ත්‍රීවරයා එබදු කිසිදු ආබාධයකින් නොපෙලෙන බව එහි නිලධාරීහු සඳහන් කරති.
රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ අනුමැතිය මත මෙම වෛද්‍ය නිර්දේශ ලැබී තිබෙන බවද වාර්තා වේ.
මූලාශ ලංකාදීප
68










