වාරියපොළ බන්ධනාගාරය තුළ අද (20) දහවල් 12.00ට පමණ සිදුවු වෙඩි තැබීමකින් රැඳවියෙකු තුවාල ලබා කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ තවත් රැඳවියෙකු විසින් බවත් වෙඩි තැබීම සිදු කර ඇත්තේ කුඩා ප්‍රමාණයේ පිස්තෝලයකින් බවත් අනාවරණය වී ඇතැවි පැවසේ.
මෙලෙස වෙඩි තැබූ රැඳිවියා සහ වෙඩි වැදී රෝහල් ගත කර ඇති රැඳිවියා හෙරෝයින් ජාවාරම් සම්බන්ධයන් වැරදි කරුවන් වූ පුද්ගලයින් දෙදෙනකු බව වාර්තා වේ.
තුවාල ලැබූ රැඳවියා මේ වනවිට කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
38










