අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා තෙක් දේශපාලන සබඳතාවය හෙළි කරගන්න බැහැ…

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා තෙක් දේශපාලන සබඳතාවය හෙළි කරගන්න බැහැ…

මහ බැංකුවේ බැඳුම්කර වංඡාව සිදුවන සමයේ මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගන්නා තෙක් බැඳුම්කර වංචාවේදි නිලධාරින් හා දේශාපාලනඥයින් අතර පවතින දේශපාලන සබඳතාවය හෙළි කරගැනීමට නොහැකි බවත් මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ කොමිසමේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකළ නොහැකි බවත් රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (20) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ…

“බැඳුම්කර වංචාවේදි නිලධාරින් හා දේශාපාලනඥයින් අතර පාලම බවට පත්වුණේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්. ඒ නිසා ඔහුව අත්අඩංගුවට ගන්නා තුරු මේ දේශපාලන සබඳතාවය හෙළි කරගන්න බැහැ.

පහුගිය ආණ්ඩුව පාඨළී හිටපු ඇමැතිතුමාගේද සහය ඇතිව තමයි අර්ජුන් මහේන්ද්‍රන් රටින් පැනලා ගියේ. ඔහුව සිංගප්පුරුවෙන් පිටුවහල් කරන්න කියලා ලංකා රජයෙන් ඉල්ලිමක් කරලා තිබෙනවා.

එය ක‍්‍රියාත්මක වන තුරු එහි ඉදිරි ක‍්‍රියාමාර්ගවලට යන්න බැහැ.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්