ජනපතිට අපහස කළා යයි ස්වර්ණවාහිනියේ තුනක් දොට්ට!

ජනපතිට අපහස කළා යයි ස්වර්ණවාහිනියේ තුනක් දොට්ට!

හිමිනමකගේ ප්‍රකාශයක් හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපහාසයක් සිදුව ඇතැයි කියමින් ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රීපාද වන්දනා සමය ආරම්භවීම නිමිත්තෙන් දෙසැම්බර් 11 වැනි පොහොයදින ශ්‍රී පාදස්ථානානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රකාශයක් ස්වර්ණවාහිනියේ රුපවාහිනී නාලිකාවේ විකාශය කර ඇති අතර එම ප්‍රකාශයෙන් ජනාධිපතිවරයාට අපහාසයක් වී ඇතිබවට නිගමනය කර තිබේ.

සංස්කරණයෙදී ධම්මදින්න හිමියන්ගේ ප්‍රකාශය තුළ ‘කාලකන්ණි’ යන වචනය ජනාධිපතිවරයා යන වචනය සමග එකට විකාශය වීම මෙම අපහාසයට හේතුවී ඇත.

ඒ අනුව මෙම ප්‍රවෘත්තිය පළ වූ දිනට පසුදින සහකාර කළමනාකරු වජිර සුමේධ ජයරත්න, ප්‍රවෘත්ති සංස්කාරිකා තිලිණි පෙරේරා සහ වීඩියෝ තාක්ෂණ ශිල්පිණි රසාදරී නෙරංජලාගේ වැඩ තහනමට ලක්කර තිබේ.

එදින සිට අද දක්වා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා නොමැති අතර මෙම වැඩ තහනම වූ කලි සේවයෙන් ඉවත්කිරීමට සමාන යයි එහි සේවකයෝ පවසති.

ස්වර්ණවාහිනියේ කලමනාකර අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජේ ශ්‍රී රංගා මහතා ය.

අනිද්දා

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්