අපි සජිත්ව අත්අඩංගුවට ගන්නේ අපිට ඕනනම් විතරයි… නාමල් රාජපක්ෂ

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක මෙන්ම පැවති ජනාධිපතිවරණයේදී එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස අත්අඩංගුවට ගැනීමට තරම් චෝදනා ඇතත් එසේ නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ පසුගිය 17 වන දින වීරකැටිය ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදී ය.

ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති කොමිෂන් වාර්තාවක සජිත් ප්‍රේමදාස සම්බන්ධව චෝදනා තිබෙන බව අනාවරණය කරමිනි.

“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසමක් දැම්මා. ඒ කොමිෂන් වාර්තාවේ සජිත් ප්‍රේමදාස මහතාටත් චෝදනා තියෙනවා. අපිට අවශ්‍යනම් හෙට එතුමා අත්අඩංගුවට ගන්න පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ”යි ඔහු එහිදී ප්‍රකාශ කර තිබිණි. නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් ඇති බැවින් සියල්ල ඒ අනුව සිදුවන බවයි ඔහු පවසා සිටියේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මෙම ප්‍රකාශය සිදු කර පැය 24ක් ඇතුළත එනම් දෙසැම්බර් 18 දින රාත්‍රී හිටපු අමාත්‍ය, එජාප ජාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම විශේෂයකි.

ලක්සිරි ප්‍රනාන්දු – ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්