ඉන්ෆ්ලුවෙන්සා පැතිරයාමේ අවධානමක්

ඉන්ෆ්ලුවෙන්සා පැතිරයාමේ අවධානමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගී තත්වය පැතිරයාමේ වර්ධනයක් මේ දිනවල දිවයින පුරා වාර්තාවන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

ළඳරුවන්, ගර්භනී මව්වරුන් සහ නිදන්ගත රෝගී තත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් මේ සම්බන්ධව වැඩි අවධානයකින් කටයුතු කිරීම වැදගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් අවධාරණය කරයි.

උණ. හිසරදය. කැස්ස. නාසයෙන් සොටු දියර ගැලීම. ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව. ශරිරයේ අප්‍රාණිකත්වය, උගුරේ කැක්කුම, පාචනය හා යම් විටක වමනය ඇති වීම ආදී රෝග ලකෂණ එකක් හෝ කිහිපයක් මතුවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Facebook
Twitter
LinkedIn