මධ්‍යම කඳුකරයට නොකඩවා වැසි… ජලාශ රැසක වාන් දොරටු විවෘත කරයි… පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීම්…

මධ්‍යම කඳුකරයට නොකඩවා වැසි… ජලාශ රැසක වාන් දොරටු විවෘත කරයි… පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීම්…

මධ්‍යම කඳුකරයට නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග බෝවතැන්න, කණ්ඩලම, ඉබ්බන්කටුව දඹුලු ඔය ජලාශය හා කලාවැවේ උපරිම ජාල මට්ටම් ඉක්මවා ගොස් ඇති බවත් සියලුම වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් බිම්වල පදිංචි ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස වාරි ඉංජිනේරුවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයම විවෘත කර ඇති බවත් තත්පරයට ඝන අධි 12,000ක ජල ධාරිතාවයක් මොරගහකන්ද ජලාශයට මුදාහැරීමට පියවර ගෙන ඇති බවත් මහවැලි නියෝජ්‍ය අධ්‍යක්ෂක හා බෝවතැන්න කාර්යභාර ඉංජිනේරු එච්.එම්.යු.එල් හේරත් මහතා පවසයි.

කණඩ්ලම ජලාශයේ තත්පරයට ඝන අඩි 1100කද, ඉබ්බන්කටුව දඹුලු ඔය ජල්ශයෙන් තත්පරයට ඝන අඩි 6000කද, කලාවැවේන් තත්පරයට ඝන අඩි 10000කද ජල ධාරිතවයක් මුදා හැරීමට පියවර ගෙන ඇති බව කාර්යභාර ඉංජිනේරු වරයා පැවසිය.

මේ අතර කුඩා වැව් සියල්ලකම පාහේ පිටාර මට්ටම ඉක්මවා වාන් දැමීමට පටන් ගෙන තිබෙන අතර පහත් බිම් රැසක වගා බිම් හා මාර්ග ජලයෙන් යටවී තිබෙනු දැකිය හැක.

Facebook
Twitter
LinkedIn