ප්‍රදේශ රැසක ජල ගැලීම්

ප්‍රදේශ රැසක ජල ගැලීම්

අධික වැසි සහිත කාලගුණයත් සමඟ මැණික් ගඟ පිටාර ගැලීමෙන් සෙල්ලකතරගම දේවාල භූමිය ජලයෙන් යටව තිබේ.

එසේම ප්‍රදේශයේ මාර්ග ගණනාවක් ද ජලයෙන් යටව පවතී.

මේ අතර කලා වැවේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් කලා වැව අවට පහත්බිම් රැසක ජනතාවට ගංවතුර අවධානමක් මතුව තිබේ.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ කලා වැව අවට පහත්බිම්වල පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත් වන ලෙසය.

තලාව, තඹුත්තේගම, ඉපලෝගම හා ගල්නෑව ප්‍රදේශවල ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත්කරමින් ආපදා කලමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ තාවකාලිකව එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසය.

එසේම පොලොන්නරුව සුන්ගාවිල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් පොලොන්නරුව සිට සෝමාවතිය දක්වා මාර්ගය සුන්ගාවිල ප්‍රදේශයෙන් වසා දමා තිබේ. වන්දනාගමන්වල නිරතවන පුද්ගලයන් මෙම කාලගුණ තත්වය සම්බන්ධව දැනුවත්ව කටයුතු කිරීම වැදගත් වේ.

Facebook
Twitter
LinkedIn