උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ ඕබොඩඇල්ල රේල් ගේට්ටුව ආසන්න ප්‍රදේශයේ දී පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

අද(20) අලුයම කාලයේ මෙම පස් කන්ද කඩා වැටී තිබෙන අතර ඊයේ රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය දියතලාව දුම්රිය ස්ථානයේ නවත්වා තබා ඇත. පසුව එය අද උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා පිටත්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්, දියතලාව යුධ හමුදා කඳවුරේ නිලධාරීන් සහ බණ්ඩාරවෙල පොලිස් නිලධාරීන් එක්ව මාර්ගයෙන් පස් ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn