මරණ දඬුවම නියම වී සිටින පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් මියගිය හොත්, ඔහුගේ මළ සිරුර දින තුනක් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට එල්ලා තබන්නැයි පාකිස්තානු විශේෂ අධිකරණය ඊයේ(19) නියෝග කර ඇත.
2007 වසරේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් රාජද්‍රෝහී ක්‍රියාවක් සිදුකර ඇතැයි හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ලවී තිබූ අතර එම චෝදනාවලට අදාලව පාකිස්ථානයේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගිය 17දා ඔහුට මරණ දඬුවම නියම කළේය.
පසුව එම දඩුවම නියම කිරීමේ යම් වරදක් ඇතිබව පාකිස්තානු රජය පැවසීමෙන් පසු මුෂාරෆ් විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් බව ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් පවසා ඇත. එහිදී අධිකරණය මෙම නියෝගය සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
දැනට 76 හැවිරිදි වියේ පසුවන මුෂාරෆ් මහතා පකිස්තානයෙන් බැහැර වී ඩුබායි නුවරදී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.
පකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතා විසින් මුෂාරෆ්ට එරෙහිව 2014 වර්ෂයේ දී රාජද්‍රෝහී ක්‍රියාකිරිම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කරන ලදී. නවාස් ෂරීෆ් වර්ෂ 2013 යළි බලයට පත්වීමෙන් පසුව නඩුව ගොනු කර ඇත.










