වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටියදී, ඔහු ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනය කිරීමට උත්සාහ කළබවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඊයේ(19) නියෝග කළේය.
මේ අනුව චන්ද්‍රබෝස් සෙල්වම් හෙවත් මයිකල් නැමැත්තෙකු වසර 14ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඊයේ නිදහස ලැබුවේ ය.
2006 වසරේ ජූලි සහ දෙසැම්බර් අතර කාලය තළ මෙම සිද්ධිය සම්බන්ධව චෝදනා කරමින් පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
සිද්ධියට අදාල නඩුව ඊයේ දින කැඳවා තිබූ අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කර ඇත්තේ විත්තිකරුට එරෙහිව අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළ පාපොච්චාරණයක් හැර සිද්ධියට අදාලව වෙනත් කිසිඳු සාක්ෂියක් නොමැති බැවින් ඔහු නිදොස්කොට නිදහස් කරන ලෙසය.
එම කරුණු පිළිගත් විනිසුරුවරයා චන්ද්‍රබෝස් සෙල්වම් හෙවත් මයිකල් නැමැත්තා නිදොස් කොට නිදහස් කර ඇත.










