ස්විස් නිලධාරිනිය සම්බන්ධ විමර්ශනවල සහයට ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාවට

ස්විස් නිලධාරිනිය සම්බන්ධ විමර්ශනවල සහයට ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාවට

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගැනීමට සහ ප්‍රශ්නකිරීම්වලට ලක්වූ බව කියන සිද්ධිය සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනවලට සම්බන්ධවීම සඳහා ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මෙරටට එවීමට සැළසුම් කර ඇත.

ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ JORG FRIEDEN නැමති නිලධාරියා, මෙරට සිදුවන විමර්ශන සඳහා සහය වනු ඇති බවය.

මීට ඉහත අවස්ථාවක ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධව සිදුකෙරෙන විමර්ශන විනිවිදභාවයෙන් සහ විශ්වාසනීයත්වයෙන් යුතුව සිදුවිය යුතු බවත් අදාල සේවිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරිදි සහ සෞඛ්‍ය තත්වය පිළිබඳව විමර්ශන කටයුතුවලදී වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් ය.

Facebook
Twitter
LinkedIn