බදුල්ල – මහියංගණ මාර්ගයේ ගමනාගමනයට දැඩි අවදානම් තත්වයක්  

බදුල්ල දිස්ත්‍රික්කයට නොකඩවා ඇඳහැලෙන වැසි සමග මාර්ගවලට පස්, ගල් හා ගස් කඩාවැටිමේ අවදානම වර්ධනය වි ඇතැයි ආපදා කළමණාකරන ඒකකය පවසයි.

බදුල්ල මහියංගණය මාර්ගයේ දුන්හිද මැද වංගුව ප්‍රදේශය, බදුල්ල පස්සර මාර්ගයේ වේවැස්ස 06 කණුව සිට ගෝනගල දක්වා ප්‍රදේශය, ඇල්ල, වැල්ලවාය මාර්ගයේ 22 කණුව සිට 25 කණුව දක්වා ප්‍රදේශය මෙසේ වරින් වර පස්කදු හා ගල් කඩාවැටිමේ අවදානමක් පවතින ප්‍රදේශ බව පොලීසිය සඳහන් කරයි.

මේ අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර කොටසේද පස්සර මාර්ගයේ, ස්ප්‍රිංවැලි මාර්ගයේ සහ ඇල්ල වැල්ලවාය මාර්ගයේ වරින් වර දැඩි මිදුම් තත්ත්වයක් පවති.

මේ සියලු අවදානම් ගැන විමසිල්ලෙන් රිය පදවන ලෙසට පොලීසිය රියදුරන්ට අවවාද කරයි.

Facebook
Twitter
LinkedIn