නත්තල් දිනයේදී සුරාසැල් විවෘත්ත කර තැබීමට වත්මන් රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර ඇතැයි තමන් වහන්සේට තොරතුරු ලැබී ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ ප්‍රකාශ කරති. සෑම ආගමික උත්සවයකදීම සුරාසැල් වැසීමට කටයුතු කරන රජය මෙවර නත්තලේදී එසේ සිදු කිරීමට පියවර නොගැනීම ගැටලුවක් බවද උන්වහන්සේ පෙන්වා දෙති.
මීට පෙර පැවති ආණ්ඩු විසින් නත්තල් දිනයේ සුරාසැල් වසා තැබීමට කටයුතු කළ නමුත් වත්මන් රාජපක්ෂ ආණ්ඩුවට එසේ කිරීමට නොහැකි මන්දැයි කොළඹ අගරදගුරු හිමිපානෝ ප්‍රශ්න කති.
නත්තල් දිනට සමගාමීව දිවයිනේ සියලු සුරාසැල් වසා තබන්නැයිද කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද කරති.
අගරදගුරු නිල නිවසේ අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු හිමිපානෝ මේ බව ප්‍රකාශ තිබිණි.
62










