පුද්ගල ඝාතනයක් සම්බන්ධව චෝදනා එල්ලවී සිටි විත්තිකරුවන් තිදෙනෙකුට පානදුර මහාධිකරණය අද(19) මරණ දඬුවම නියම කර තිබේ.
2003 වසරේ අප්‍රේල් මස 14 වැනිදා පානදුර – අළුබෝමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇතැයි මෙම පුද්ගලයන් තිදෙනාට චෝදනා එල්ල විය.
සිද්ධියට අදාල නඩුව අද කැඳවා තිබූ අවස්ථාවේ පානදුර මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශ කර ඇත.
මේ අතර රත්තොට – කන්දෙනුවර ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධව චෝදනා එල්ලවීමෙන් පසු වරදකරුවන් වූ පුද්ගලයන් පස් දෙනෙකුට මාතලේ මධ්‍යම පළාත්බද මහාධිකරණය විසින් ඊයේ(18) මරණ දඬුවම නියම කර ඇත.
2004 වසරේ ජූනි මස 20 වැනිදා 24 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධව මෙම පුද්ගලයන් පස් දෙනාට චෝදනා එල්ලවිය.
මාතලේ මධ්‍යම පළාත්බද මහාධිකරණ විනිසුරු එස්.යූ.බී. කරලියැද්ද මහතා විසින් මෙම දඬුවම නියම කර ඇත.









