අත්අඩංගුවට ගත් මංජුල පෙරේරාට ඇප

අත්අඩංගුවට ගත් මංජුල පෙරේරාට ඇප

මාධ්‍යවේදියෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කැළණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත්, මංජුල පෙරේරා ඇප මත මුදාහැර තිබේ.

කෙසෙල්වත්ත පොලීසිය මගින් ඔහු අද(19) දහවල් අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඇප නියමවී ඇත.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදියෙකුට මංජුල පෙරේරා නැමැත්තා පහරදී ඇතැයි චෝදනා එල්ලවිය.

පැහැරගැනීමට සහ ප්‍රශ්නකිරීමට ලක්වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර තිබුනේ ද මෙම පුද්ගලයා විසිනි.

Facebook
Twitter
LinkedIn