තව්හිද් ජමාත් සමඟ සබඳතා පැවැත්වු 64ක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

තව්හිද් ජමාත් සමඟ සබඳතා පැවැත්වු 64ක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වු බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 64 දෙනෙකු ලබන දෙසැම්බර් 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නීරණය කරත.

ඒ ඔවුන්ට අදාළ නඩුව අද කැදවු අවස්ථාවේ මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ.සී රිස්වාන් මහතා විසින් ලබාදුන් නියෝගයක් අනුව ය.

නුවරඑළිය ජාතික තව්හිඩ් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැක පිට අත්අඩංගුවට ගත් කාත්තාන්කුඩි පදිංචිකරුවන් පිරිසක් මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගත කර ඇතැයි සඳහන් වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද විමර්ශනවලදි මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

කෙසේ වෙතත් පාස්කු ඉරුදින ප්‍රහායෙන් පසු ISIS සංවිධානය සමග සහ පාලාක නායක මධුෂ් නැමැත්තා සමග සෘජුවම සම්බන්ධතා පැවැත්වූ බවට තහවුරු වීමෙන් පසු එම දිනවලම වත්තලදි අත්අඩංගුවට ගත් මාබෝල කොට්ඨාසයේ පොහොට්ටු පක්ෂ සංවිධායක මොහොමඩ් රිස්වාන් නැමැත්තා මේ නවනිට අප මත මුදා හැර තිබේ.

Facebook
Twitter
LinkedIn