මරදානේ සිට ගල්කිස්ස බලා ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය එන්ජිමක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර මෙම පීලි පැනීම සිදුව තිබේ.
දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට කඩිනමින් සිදුවන බවත් එතෙක් මෙම දුම්රිය ප්‍රමාදය පවතිනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
4










