සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධව තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
සමාජ මාධ්‍යජාලා ඔස්සේ ගොඩ නගාගන්නා හිතමිතුරුකම් මත විවිධ රටවල ලොතරැයි දිනුම් ඇදීම් හෝ ත්‍යාග, රාජ්‍ය නොවන සංවිධාන විසින් තෝරාගත් පිරිසකට ද්‍රව්‍යමය හා මුදල් ආධාර ලබාදෙන බවට පවසා මෙම කණ්ඩායම මුදල් වංචාකර ඇතැයි පැමිණිලි ඉදිරිපත්ව ඇත.
පසුගිය මස 5 වැනිදා නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මෙලෙස රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක පමණ මුදලක් වංචා කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම සිදුවීම් සම්බන්ධව පොලිස් පරීක්ෂණ සිදුකෙරෙන බවත් මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ට හසුවීමෙන් වලකිනලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
24










