ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය කොටස් වශයෙන් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව එහි සැලසුම් සම්පාදක කමිටුව ප්‍රකාශ කරයි. ඒ අනුව අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ක්‍රීඩා, කලා හා සංස්කෘතික, පාරිසරික, ජාතික ආරක්ෂාව, ප්‍රවාහන ආදී ක්ෂේත්‍ර 10ක් ඔස්සේ එය සිදු කිරීමට නියමිතය.
ඒ අනුව ජාතික ජන බලවේගයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීම මේ මස 14 වනදා එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල “වෝටර්ස් ඒජ්” හිදී සිදු කිරීමට නියමිතය.
ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක්ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් හා ජ්‍යෙෂ්ඨයන් රැසක්ද ඊට එක්වීමට නියමිතය.
65











