නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත්කළ රන් බිස්කට් 17ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට, කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සමත්ව ඇත.
ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් සැකකරු පැමිණ ඇති අතර ඔහුගේ ගමන් බෑගයේ හැඩලයේ සහ ඉදිරිපස බඳ කොටසේ ගම් ටේප් මගින් අලවා රන් බිස්කට් තොගය පිට කිරීමට තැත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ගුවන් තොටුපළ රේගු අංශය සිදුකරයි.
19










