ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය, පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතා වෙත ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ හැටන්-කොටගල, පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේ අද(13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
5










