ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 25ක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 25ක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

අවිස්සාවේල්ල –  තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයකට එක්ව සිටි තරුණ තරුණියන් 25 දෙනෙකු, මත්ද්‍රව්‍ය සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් සිව් දෙනෙකු සහ තරුණයින් 21 දෙනෙකු සිට ඇති අතර ඔවුන් ඇඹිලිපිටිය, දෙහිඕවිට, කොස්ගොඩ, කොළඹ, ගාල්ල සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 300ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 525ක් සහ ගංජා මිලිග්‍රෑම් 10ක් පොලීස් භාරයට ගෙන ඇත.

ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn