කවුරු බලයට පැමිණියද රට තුළ ආඥාදායක පාලනයකට ඉඩ නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (12) තවලතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක්හිදී පැවති නීතීඥ හමුවකදීය.
වැරදිලාවත් ලබන මාර්තු, අප්‍රේල් වෙනකොට මේ රටේ පාලනය ආඥාදායකයෙකු අතට ගියොත් උසාවිය නිශ්ශබ්ද වෙන් කියලා උසාවියේ කට වහලා සැකකරුවන්ව තමන්ට කැමති විදියට එළියට දාලා තමන්ට කැමති විදියට නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවලා තමන්ට කැමති විදියට අධිකරණ පද්ධතිය මෙහෙයවන පාලකයෙක් ආවොත් ජාතික ජන බලවේගයේ ප්ලෑන් බී එක මොකක්ද? යනුවෙන් එහි පැමිණ සිටි නීතීඥ මහත්මයෙකු විමසා සිටින ලදී.
මෙයට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ “ලොකූ බිල්ලෙක් හදාගන්න එපා. 2018 ජනවාරි 08 වෙනිදා දිගුව බවට ඔතන පත්වෙන්නේ නැහැ. එහෙම කරන්න බැහැ. 2015 ජනවාරි 08 වෙනිදා වෙනකොට ඒ ගොල්ලෝ මර්ධනයේ තැනක හිටියා, ඒකාධිපතිවයේ තැනක හිටියා, අධිකාරිත්වයේ තැනක හිටියා. වංචාවේ දූෂණයේ තැනක හිටියනේ ස්ථානගතවෙලා. 2015 දිනුවනම්, ඒකෙන් ඔබ්බ, එකේම දිගුවක්. හැබැයි නැවත පටන් ගැනීම ඒකේ ඛණ්ඩනයක්. නැවත ජයග්‍රහණය කළොත් ඒක අඛණ්ඩවක් නෙවෙයි 2015 ඛණ්ඩනයක්. ඒක නිසා අවුරුද්දක්, දෙකක්, තුනක්, අපිට කාලය නිශ්චය කරන්න බැහැ. නමුත් නැවත යම් කාලයක් යනවා. අරටික හරියට ස්ථානගත කරගෙන අතෙන්ට හරියටම සැලසුම් හදාගෙන. අනුර සේනානායකලා වැනි අයට බස්නාහිර පළාත භාරදීලා මෙහෙම තියෙනවා සැලසුම් ටිකක්. ඒක නිසා මම හිතනවා ඒකට සැලකියයුතු කලායක් යනවා.
අන්න ඒ කාලය ඇතුළත් තමයි අපි තිබෙන්නේ ඒකට එරෙහිව ජන ප්‍රජාව සංවිධානය කරන්න.” යැයි පැවසීය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමග ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා, නීතිඥ හේමක සේනානායක මහතා, නීතීඥ හර්ෂ නානායක්කාර මහතා, නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා සහ නීතීඥ සුනිල් වටගල මහතාද එක්වී සිටියහ.




























