හෙරොයින් ග්‍රෑම් 30ක් සමඟ අලුවිහාරේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 30ක් සමඟ අලුවිහාරේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට

යතුරු පැදියකින් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මාතලේ අලුවිහාරේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 330ක් සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් සඳහන් කරයි.

සැකකරු මාතලේ පලාපත්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn