එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දැක්වූ බවට සැකපිට පස්දෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දැක්වූ බවට සැකපිට පස්දෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරිකයන් බවට සැකපිට, පුද්ගලයන් පස් දෙනෙකු මලයාසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මලක්කා, පී නෑන්, සෙලෙන්ගෝර් යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් ඊයේ(12) දින අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අතර මලයාසියාවේ ඩී.ඒ.පී. පක්ෂයේ නියෝජිතයන් දෙදෙනෙකු ද වන බවත් ඔවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැගීම සඳහා මූල්‍ය ආධාර සැපයා ඇති බවත් චෝදනා එල්ලවී ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානය මලයාසියාවේ තහනම් සංවිධානයක් ලෙස නම්කර ඇති බැවින් ඊට ආධාර අනුබල දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ද එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දක්වන බවට සැකපිට පුද්ගලයන් හත් දෙනෙකු මලයාසියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේ ය.

Facebook
Twitter
LinkedIn