වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

වප් පුර පසළොස්වක පොහොය දිනය අද(13)ට යෙදී තිබේ.

ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථා ගණනාවක් සිදුවූ පොහොය දිනයක් ලෙස වප් පුර පසළොස්වක පොහොය දිනය සැළකෙන අතර වස් පවාරණය කිරීමෙන් පසු කඨින චීවර පූජාව සිදුකිරීම ආරම්භ කෙරෙන්නේ ද වප් පොහොය දිනෙන් පසුවය.

එසේම බුදුන් වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩම කිරීම සිදුවූයේ ද අද වැනි පොහෝ දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

දේවානම්පියතිස්ස රජු විසින් අරිට්ට කුමරු ඇතුළු දූත පිරිසක් ධර්මාශෝක රජු වෙත යවා ජය ශ්‍රී මහා බෝධී ශාඛාව ලංකාවට වැඩම කරවීම ද වප් පුන් පොහෝ දිනයක සිදුවූ බව බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි.

Facebook
Twitter
LinkedIn