වැලිමඩ ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල අසල පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් තරුණියක් සහ පිරිමි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර ඊයේ(12) රාත්‍රියේ සිදුව ඇති අතර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ශාවත් සමඟ මෙම නිවස මතට ගස කඩා වැටී ඇතැයි වාර්තා වේ.
අනතුරින් අවුරුදු 18ක තරුණියක් සහ අවරුදු 14 සහ 10 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු රෝහල් ගතකිරීමෙන් පසුව මියගොස් ඇත.
තවත් අවුරුදු 22ක තරුණයෙක් වැලිමඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
11










