අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු අත්අඩංගුවට

අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු අත්අඩංගුවට

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු අවි ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සේරුනුවර පොලිස් වසමේ කිලිවෙඩ්ඩි පාලම අසලදී ටී.56 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 36ක් වන  442, අම්බාල්කුලම්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම ලිපිනයට අදාල නිවසේ සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී ගිනිඅවි, පුපුරණ ද්‍රව්‍ය සහ සැක සහිත උපකරණ කිහියක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

නිවසේ පදිංචිව සිටි සැකකරුගේ බිරිඳවන සහ සහෝදරියක වන අවුරුදු 23 සහ 28 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් සිදුකිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn