ජපානයට බලපා ඇති හැගිබිස් සුළි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාදයක්

ජපානයට බලපා ඇති හැගිබිස් සුළි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාදයක්

ජපානයට බලපා ඇති හැගිබිස් සුලි කුණාටුව හේතුවෙන් ජපානය බලා පියාසර කිරීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 7ක් පමණ ප්‍රමාද කර ඇතැයි නිවේදනය කර තිබේ.

අද(12) පස්වරුවේ හැගිබිස් සුළි කුණාටුව ජපානය හරහා හමා යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් මෙම තීරණය ගෙන ඇතැයි ගුවන් සමාඟම නිවේදනය කරයි.

මේ අනුව අද රාත්‍රී 7.15ට ජපානයේ නරීටා බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.460 යානය හෙට අලුයම 2.15 දක්වා ප්‍රමාද කර ඇත.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුර විමසීම සඳහා 011 777 19 79 දරන දුරකථන අංකය විවෘතව තැබෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn