නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත්කළ රුපියල් ලක්ෂ 16කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු අද(12) අලුයම කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි සිට බහරේන් හරහා මෙරටට පැමිණි ගුවන් යානයකින් සැකකරු මෙරටට පැමිණ ඇතැයි රේගුව සඳහන් කරයි.
සැකකරු සතුව තිබී විදේශීය දුම්වැටි 29,000ක් පමණ සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් දහසය ලක්ෂ විසි අටදහසක් බව රේගුව සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි වරකාපොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
5










