ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සහභාගීත්වයෙන්, වැල්ලව සතිපොළ භූමියේ සංවිධානය කර තිබූ වැඩසටහනක් අතරතුර සිදුවූ විදුලි අනතුරකින් එම වැඩසටහන සඳහා සහභාගීව සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලව-පහළවරද්දන ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සිදුවීමෙන් පසු එම වැඩසටහන ඉදිරියට කරගෙනයාමේදී, මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු පිරිසක් එයට දැඩි විරෝධය පළකර කළහකාරීව හැසිරී ඇති අතර පසුව ඥානසාර හිමියන් ඇතුළු පිරිස වැඩසටහන අත්හිටුවා පිටවගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධව වැල්ලව-පට්ටියවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
47










