ජනාධිපතිවරණය සම්බන්ධව දින තුනක් තුළ පැමිණිලි 375ක් ඉදිරිපත් වී ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසයි.
ඔක්තොම්බර් මස 8 වැනිදා සිට 11 වැනිදා දක්වා මෙම පැමිණිලි ඉදිරිපත් වී ඇති අතර ඉන් වැඩිම පැමිණිලි සංඛාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධවය. එම සංඛ්‍යාව 360ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 9 ක්ද ලැබී ඇත.
ඊයේ(11) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් සම්බන්ධව පැමිණිලි ඉදිරිපත්ව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
ජනාධිපතිවරණය සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
7










