ගෝ්‍ඨාගේ මැතිවරණ ප්‍රචාරක වැඩවලට රාජ්‍ය දේපල යොදාගත් වලල්ලාවිට උප සභාපති අත්අඩංගුවට

ගෝ්‍ඨාගේ මැතිවරණ ප්‍රචාරක වැඩවලට රාජ්‍ය දේපල යොදාගත් වලල්ලාවිට උප සභාපති අත්අඩංගුවට

රාජ්‍ය දේපල ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති බවට එල්ලවූ චෝදනාවක් මත වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු වැලිපැන්න පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයක් මගින් ගෝඨාබය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පෝස්ටර්, මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වෙත ප්‍රවාහනය කරමින් සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ගෝඨාබය රාජපක්ෂ මහතාගේ පෝස්ටර් 272ක් ද කැබ්රථය තුළ තිබී ඇත.

කැබ් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ලබන 15 වැනිදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද සැකකරුවන්ට දන්වා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්