මත්කුඩු ග්‍රෑම් 24ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ජීවිතාන්තය දක්වා දඟගෙට

මත්කුඩු ග්‍රෑම් 24ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ජීවිතාන්තය දක්වා දඟගෙට

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පානදුර මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

පසුගිය 22 වැනිදා පානදුර, පානදුර දකුණ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 24යි මිලිග්‍රෑම් 570ක් සොයාගෙන ඇත.

සැකකරු පානදුර, කෝවිල ගොඩනැඟිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට පානදුර මහාධිකරණය තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්