ජනාධිපතිවරණ ප්‍රතිඵලය ඇල්පිටියේ ප්‍රතිඵලයෙන් මනින්න බැහැ

ජනාධිපතිවරණ ප්‍රතිඵලය ඇල්පිටියේ ප්‍රතිඵලයෙන් මනින්න බැහැ

ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද ප‍්‍රතිඵල මගින් මැනීමේ හැකියාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය අනුමාන කළ හැකි බව ඇතැමුන් කීවත් ප‍්‍රාදේශීය සභාවක ප්‍රතිඵලයත් ජනාධිපතිවරණය වැනි ජාතික මැතිවරණයක ප‍්‍රතිඵලයත් කිසිවිටෙක සමාන නොවන බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා ඇල්පිටියේ පැවැත්වුණු ප‍්‍රාදේශීය සභා මැතිවරණය යනු මැතිවරණ දෙකක් මිස එකක් නොවන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්