පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව 23 පාර්ලිමේන්තුවට

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව 23 පාර්ලිමේන්තුවට

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයට පත්කල පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව, කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

පාස්කු දින ප්‍රහාරය සඳහා පසුබිම් වූ හේතු කාරනා සම්බන්ධව විමර්ශනයටත් නැවත එවැනි සිදුවීමක් ඇති නොවීමට අවශ්‍ය නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් මෙම කාරක සභා වාර්තාවේ අරමුණ බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කර තිබේ.

වාර්තාව සැකසීමේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු 60කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි කැඳවීම සිදුකර තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරය එල්ලවීමෙන් පසු ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා කතානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගිය මැයි 22 වැනි දා මෙම කාරක සභාව පත්කර සිටි අතර අවස්ථා දෙකකදී එහි නිල කාලය දීර්ඝ කිරීමෙන් පසු ඔක්තෝබර් 30 වැනිදාට පෙර අවසන් වාර්තාව නිකුත් කිරීමට නියමිතව ඇත.

කාරක සභා සාමාජිකයින් ලබන 17 වැනිදා රැස්වී අවසන් වාර්තාව සකස් කිරීමට නියමිත බවත් එය 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු 24 වැනිදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා මාධ්‍ය වෙත නිකුත් කිරීමටත් බලාපොරොත්තු වන බව ආනන්ද කුමාරසිරි මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්