බත්තරමුල්ලේ රෙදිපිළි අලෙවිසැළක ගින්නක්

බත්තරමුල්ලේ රෙදිපිළි අලෙවිසැළක ගින්නක්

බත්තරමුල්ල නගරයේ පිහිටි රෙදිපිළි සහ භාණ්ඩ අලෙවිසැලක ඊයේ(11) රාත්‍රියේ හටගත් ගින්නකින්, එම වෙළඳසැලට දැඩි අලාභ හානි සිදුව තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ සහ කෝට්ටේ මහනගර සභාවල ගිනි නිවන රථ 7ක් යොදවා ඇති අතර අද අලුයම 5.00 පමණ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකිවූ බව කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.

ගින්නෙන් සිදුව ඇති අලාභය හෝ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්