කාසල්රී ජලාශය වාන් දමයි

කාසල්රී ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ශාව හේතුවෙන් කාසල්රී ජලාශය වාන් දැමීමට පටන් ගෙන තිබේ.

කාසල්රී ජලාශය අක්කර අඩි 68000ක වපසරියකින් යුක්ත වන අතර වසරකට වරක් මෙලෙස වාන් දැමීම සිදුවේ.

අද(12) අලුයම සිට ජලාශය වාන් දැමීම ආරම්භ වී ඇති අතර ඒ සමඟම කාසල්රි ජලාශයට පහලින් ඇති විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීමට පටන් ගෙන තිබේ. මේ හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ද තරමක් ඉහළ ගොස් ඇති අතර පහත් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවීම වැදගත් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්