අද (11) පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ නිල ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.
ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 23,372ක් ලබාගෙන මන්ත්‍රී ධුර 17ක් ලබාගෙන තිබේ. එහි ප්‍රතිශතය 57%කි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය 10,113ක් ලබාගෙන මන්ත්‍රී ධුර 07ක් ලබාගෙන තිබේ. එහි ප්‍රතිශතය 24%කි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5,273 ක් ලබාගෙන මන්ත්‍රී ධුර 03ක් ලබාගෙන තිබේ. එය ඡන්ද 13%ක ප්‍රතිශතයකි. ජනතා විමුක්ති පෙරමුණ 2,435ක් ලබාගෙන මන්ත්‍රී ධුර 02ක් ලබාගෙන තිබේ. එය 06%ක ප්‍රතිශතයකි.
5










