හිරි වඩුන්නේ අලි ඝාතනයට සම්බන්ධ හේතු වහා රටට හෙළි කළ යුතුයි

හිරි වඩුන්නේ අලි ඝාතනයට සම්බන්ධ හේතු වහා රටට හෙළි කළ යුතුයි

හිරිවඩුන්න අලි ඝාතනය සමිබන්ධ හේතු වහා හෙලි කරනු! නමින් මාධ්‍යය හමුවක්, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පසුගිය 08 වනදා මරදාන සී.එස්.ආර් හීදී සංවිධානය කර තිබිණි. එහි දී පසුගිය සැප්තැම්බර් 27 වනවිට දින දෙකක් ඇතුළත අලි ඇතුන් හත්දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් පසුගිය සැප්තැම්බර් 28 වන දින පොලිස්පතිතුමා, වනජීවී අධ්‍යක්ෂකතුමා වෙත ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා ලිපියක් යවා ඇතිමුත් මේ වන තෙක් කිසිදු පිළිතුරක් නොලැබුණු බව පරිසරවේදී ශානිකා පතිරණ මෙනවිය ප්‍රකාශ කලාය. ඉන්පසුව අදහස් දැක්වූ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී පූජ්‍ය වෑකඳවල රාහුල හිමි ප්‍රකාශ කර සිටියේ හබරණ හිරිවඩුන්න තුන්බිකුලම් ප්‍රදේශයේ සිදු වූ මෙම අලි ඇතුන් ඝාතනය සූක්ෂම සැලසුම් සහගත අපරාධයක් බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වෑකඳවල රාහුල හිමි ප්‍රකාශ කර සිටියේ වස දුන්නේ නම් එයට හේතු, ඝාතනය කලේ නම් එය කවුරුන්ද සිදු කළේ යන්න පිලිබදව සොයා බැලිය යුතු බවත්ය.

ආහාර, ප්‍රජනනය යනාදී කරුණු හේතුකොටගෙන අලි ඇතුන් සංචරණය වන බවත් මහවැලි සංවර්ධන ව්‍යාපාරය වැනි වූ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් මෙම අලි මිනිස් ගැටුම් වර්ධනය වී ඇති බවත් ය. එපමණක්ද නොව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ නීති උපදේශක නීතීඥ නුවන් බෝපගේ මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර එම මහතා පැහැදිලිවම කියා සිටියේ මෙය අලින්ගේ ගහනය අඩු කිරීමට ගන්නා ලද සාපරාධී ක්‍රියාවක් බවයි. පොලොන්නරුව, වැලිකන්ද, මාදුරුඔය හා සෝමාවතිය රක්ෂිතයන් තුළ බහුජාතික සමාගම්වලට වගා කටයුතු හා සත්ව පාලන කටයුතු සදහා රජය මැදිහත් වීමෙන් යුතුව අක්කර දහස් ගණනින් ඉඩකඩම් ලබා දීම හේතු කොට ගෙන අලින්ට තිබූ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් අලි මිනිස් ගැටුම් වර්ධනය වන බව පෙන්වා දුන් එතුමා පවසා සිටියේ සිරිලක සිංගප්පූරුවක් කළහොත් ඉතිරි වන්නේ වන සතුන් ගහ කොල නොව කොන්ක්‍රීට් වනාන්තරයක් බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්