රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ සැකකරුවන් යලි රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ සැකකරුවන් යලි රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 17 දෙනා ලබන 25 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(11) නියෝග කර ඇත.

පසුගිය ජනවරි මස 23 වැනිදා ගාල්ල, රත්ගම –  රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ගම රසික් චින්තක නමැති ව්‍යාපාරිකයන් දෙදෙනා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර රක්ෂිත ප්‍රදේශයක දී ඔවුන්ගේ සිරුරු පුළුස්සා දමා ඇති බවට තොරතුරු අනාවරණය විය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඝාතනයට ලක්ව ඇති පුද්ගලයන් පැහැරගත් බවට සැකකෙරෙන වෑන් රථයේ සහ කැබ් රථයේ තිබී සොයාගත් හිසකෙස්, ඝාතනයට ලක්වූවන්ගේ ද යන්න සනාථ කර ගැනීමට රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්