මත්කුඩු ග්‍රෑම් 43ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට පුද්ගලයෙකුට මරණ දඬුවම

මත්කුඩු ග්‍රෑම් 43ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට පුද්ගලයෙකුට මරණ දඬුවම

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 43ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා සඳහා වරදකරු වූ පුද්ගලයෙකුට, අද(11) කොළම මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

මෙලෙස මරණ දණ්ඩනය නියම කෙරුණේ කොළඹ, මාලිගාකන්ද ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මුසාහීර් ගඩාෆි නැමති 43 හැවිරිදි පුද්ගලයෙකුට ය.

සැකකරු 2016 වසරේ මත්කුඩු ග්‍රෑම් 43ක් සමඟ මාලිගාකන්ද ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසු මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රකාශ කර ඇත්තේ චෝදනා සම්බන්ධව සැකකරු වරදකරු බවත් ඒ අනුව ඉහත චෝදනා සඳහා මරණීය දණ්ඩනය නියම කරන බවත් ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්