මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් මිලියන 33.9ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ සාක්කි විභාග කිරිම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය දෙසැම්බර් 20 වැනිදා දක්වා දිර්ඝ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කර තිබේ.
තමන්ගේ මෙම නඩුව විභාග වීම වලක්වා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම දෙසැම්බර් මස 10 වන දා විභාගයට ගන්නා බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.
ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථා වේදීය.
ඒ අනුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන සාක්ෂි විභාගය අත්හිටුවමින් දැනට පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් මස 20 වනදා දක්වා දීර්ඝ කරන බවද ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල සඳහන් කර තිබේ.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට ද නියමිත ය.
තමන් මෙලස අවභාවිතා කළ මුදල යළි අදාළ ආයතනය වෙත භාර දුන් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා මීට කළ කට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබිණි.










