සිල්රෙදි නඩුවේ වරදකරුවන් වූ ලලිත් – අනූෂගේ අභියාචනා කැඳවීමට දින දෙයි

සිල්රෙදි නඩුවේ වරදකරුවන් වූ ලලිත් –  අනූෂගේ අභියාචනා කැඳවීමට දින දෙයි

සිල් රෙදි නඩුවේ වරදකරුවන් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යනඅය විසින්, ඔවුන්වෙත ලබාදුන් දඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සම මාර්තු මස 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

එම පෙත්සම අද(11) අභිවාචනාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා ඉදිරියේ කැඳවා තිබුණි.

පෙත්සම්කරුවන් පවසා ඇත්තේ මහාධිකරණ විනිසුරුවරයා විසින් එම දඬුවම පනවා ඇති ආකාරය නීති විරෝධී බවත් එබැවින් තමන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.

පැවති ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරක කටයුත්තක් ලෙස ඔහුගේ ඡායාරූපයද සහිතව රට පුරා උපාසක උපාසිකාවන් වෙත නීති විරෝධී ලෙස සිල් රෙදි බෙදාදීම තුළින් මිලියන 600ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇතැයි, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට චෝදනා එල්ලවූ අතර දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකරුවන් දෙදෙනා අදාළ චෝදනාවලට වරදකරු කොට ඔවුන්ට වසර තුන බැගින් සිර දඬුවම් නියම කළ අතර රුපියල් මිලියන 20ක දඩයක් ගෙවිය යුතු බවටත් රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවිය යුතු බවටත් නියම කළේය. එම දඬුවම ලැබීමෙන් පසු සැකකරුවන් දැනට ඇප මත මුදාහැර සිටියි.

Facebook
Twitter
LinkedIn