ජනතාව විකල්පයක් ඉල්ලනවා

ජනතාව විකල්පයක් ඉල්ලනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එකතුවීම පුදුම සහගත තත්වයක් නොවන බවත් එහිදී සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත පව්ල් පාලනය දක්වා රූපාන්තරණය වීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ප්‍රධාන කාර්යාලයේ මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය හැත්තෑ එක් වසරක් පුරා රැගෙන ආ පාලනය, රට ආර්ථිකමය වශයෙක් කඩා බිඳ දමා ඇති බවත් ණය උගුලකට රට ගොදුරු කර ඇති බවත් විජිත හේරත් මහතා පැවසීය. මෙම සාම්ප්‍රධායික පක්ෂ වෙන් වෙන්ව පාලනය කළත්, එක්ව පාලනය කළත් රට තව දුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවත් ජනතාව මේ වනවිට විකල්පයක් දෙසට යොමුවී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn