මන්ත්‍රීවරු සඳහා පළාත් පාලන ආයත මගින් ගැබෙන ප්‍රතිපාදන යොදවා ජනතා විමුක්ති පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරු විසින් තවත් සත් කාර්යයක් සිදු කර තිබේ.
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ජවිපෙ මන්ත්‍රීවරු හතර දෙනා වෙනුවෙන් 2018 වසර සදහා වෙන්වු මන්ත්‍රී පුතිපාදන යොදවා අඩුආදයම් ලාභී පවුල්වල දරුවන් සදහා පරිගණක පුහුණුව නොමිලේ ලබාගත හැකි ඒකකයක් දෙහිවල පුස්තකාල ගොඩනැඟිල්ල තුළ ස්ථාපිත කර එය ඊයේ (10) ජනතා අයිතියට පවරා තිබේ.
එම අවස්ථාවට දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් නායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය, ටෝනි මොහොමඩ් මහතා, නුවන් ධනුෂ්ක මහතා, ප්‍රේමසිරි මහතා ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
47

























